Published
                
                 
                
            මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රේණුක සංජය කොමසාරු මහතා පත්ව තිබෙනවා.
මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා තෝරා ගැනීමේ මංගල සභාවාරය අද පැවැත්වුණේ දකුණු පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
ඒ, මුලටියන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීයි.
ඒ අනුව සභාවේ ඒකමතික තීරණයෙන් පැවති රහස් ඡන්දයෙන් මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රේණුක සංජය කොමසාරු මහතා පත්ව තිබෙනවා.
ඒ ඡන්ද 13ක් හිමි කරගනිමින්. ජාතික ජන බලවේගයෙන් සභාපති තනතුර සදහා තරඟ කළ එන් ඒ විජේතුංග මහතාට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 10ක්.




