මේ සතියේ බිත්තර මිල තවත් රුපිය්ල් දෙකකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබෙනවා
ඒ ඊයේ රාත්‍රියේ පැවති සාකච්චාවෙන් අනතුරුවයි
එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ අතිරික්ත තොග පැවතීම හා මව් සතුන් ප්‍රමාණය වැඩි බැවින් නිකුත් කරන පැටව් ප්‍රමාණයේ විශාලත්වයත් ඊට හේතුව බවයි.
එහෙත් පොඩි ගොවියාට කර්මාන්තය කරගන යාමට නොහැකි තත්වයක් මේ හරහා නිර්මාණය වෙමින් ඇති නිසා ග්‍රාමීය කර්මාන්තය නඟාහිටුවීමට වහා මැදිහත්ව මව් සතුන් ආනයනය සීමා කරදෙන්නැයි සංගමයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කරන බවද ඒ මහතා පවසා සිටියා,
එසේ වුවහොත් ඇතැම්විට සතිය මැද යම් වැඩිවීමක් අපේක්ෂා කරන බවත් මේ තීරණය කුඩා, මධ්‍ය හ මහා පරිමාණ ගොවීන්, කුඩා, මධ්‍ය හා වෙළඳුන් මෙන්ම ප්‍රවාහනකරුවන්, කොළඹ තොග වෙළඳුන් ඇතුලු පිරිසකගෙන් සමන්විත මණ්ඩලයක් විසින් කළ දීර්ඝ සාකච්චාවකින් අනතුරුව විනා තමන් තනිව ගෙන ඇති තීරණයක් නොවන බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ