නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසීමේදී ඒ පිළිබඳ දැනුමක් ඇති විශේෂඥ පුද්ගලයන් සමග සාකච්ඡා කළ යුතු බව ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා පවසනවා.

විද්වත් කමිටුවක් හරහා ජනතාවට පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ යුතු බවයි ජනාධිපතිනි නීතීඥ යුවාර් සිල්වා මහතා පැවසුවේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හරහා සෘජුවම ජනාධිපති ක්‍රමය අහෝසි වීමේ හැකියාවක් තිබෙනවාද?

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු සහිත තැන් තිබෙන බැවින් ඇතැම් බලතල සඳහා සීමාවන් පමුණුවමින් ගැඹුරින් අධ්‍යයනය කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සැකසීම යෝග්‍ය බවයි ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ.