Published
ආසියානු පැරා ක්රීඩා උළෙලේ S9 මීටර් 400 නිදහස් ආර කාන්තා පිහිනුම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකාවේ ගලීනා බස්නායක අද සමත් වුණා.
ඇය මෙම ජයග්රහණය ලැබූයේ තරගය විනාඩි 4යි තත්පර 59යි දශම 5යි 8ක කාලයකින් නිමා කරමින්.
චීන ක්රීඩිකා ෂූ ජියාලිං මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තා.
ඒ තරඟය විනාඩි 4යි තත්පර 56යි දශම 0යි 7ක කාලයකින් අවසන් කරමින්.
මේ අතර මෙම ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව මේ දක්වා දිනාගෙන ඇති මුළු පදක්කම් සංඛ්යාව 3ක්.
T47 මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ධනංජනා වික්රමසිංහ සමත් වුණා.
ශ්රී ලංකාව වෙනුවෙන් අනෙක් පදක්කම දිනා ගත්තේ T47 දුර පැනීම පිරිමි ඉසව්වට තරඟ වැදුණු මොහොමඩ් සෆ්රන් විසින්.
ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා.




