Published
විදුලිබල වෘත්තීය සමිති ඉල්ලා ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඉල්ලීම්වලින් තුනක් දැනටමත් අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතියට යොමුකර ඇති බවයි.
එක් එක් වෘත්තීය සමිති වෙන වෙනම ඉල්ලා සිටින ඉල්ලීම් නොව පොදුවේ වැදගත් වන ඉල්ලීම් සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් වෘත්තීය සමිති පවසන්නේ තම ඉල්ලීම් සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් පැහැදිලි විසඳුමක් ලැබෙන තෙක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බවයි.




