22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව තවත් පෙත්සම් 4 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, පාර්ලිමේන්තුවේ කටයුතු අද උදෑසන 9.30 ට ආරම්භ වූ අවස්ථාවේ කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින්.

"2020 අගෝස්තු 19 වෙනි දින මාගේ නිවේදනයෙහි සඳහන් පෙත්සම් තුනට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (1) ව්‍යවස්ථා ප්‍රකාරව 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතරක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි."

මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා. ඔහු සභා ගර්භය වෙත පැමිණෙන අවස්ථාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයා ද ආමන්ත්‍රණය කරමින් එම ප්‍රශ්නය ඉදිරිපත් කළේ මෙලෙසයි.
"ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, විදේශ රැකියා ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්න හින්දා, මේ ජනාධිපතිතුමා ආපු දවසෙම ප්‍රශ්නයක් අහන්න ලැබීමත් මං හිතනවා සතුටුයි ඒක. මේ ජනාධිපතිතුමා පොඩි රටේ ප්‍රශ්නයක් තියෙනවා. 25 ප්‍රමාණය ගත්තාම 24, ගන්න ප්‍රමාණය 24 ඊට වැඩිය අඩු වෙලා තියෙනවා රජයෙන් යවන ප්‍රමාණය. දැන් 26 ඊට වැඩිය අඩු වේගෙන එනවා. (ගරු මන්ත්‍රීතුමා අතුරු ප්‍රශ්නය කෙටි කරන්න. ඔබතුමා ඒ කියන කාරණාව පැහැදිලියි.) ඒක, ඒක මං මේ තොරතුරු දැනගැනීමේ පනතෙන් අරන් තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දීපු ලිපිය. මං ඕනනම් සභාගත කරන්නම්.

මේ අතර විදුහල්පතිවරුන් පත් කිරීමේදී දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනයට ලක් කර වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් රුවන් විජේවීර මන්ත්‍රීවරයා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
"මම ඔබතුමියගෙන් අහන පළවෙනි ප්‍රශ්නය වෙන්නේ විදුහල්පතිවරුන් තෝරා පත් කර ගැනීමේදී පාසල්වලට, කිසියම් මේ මූලික අධ්‍යාපන සුදුසුකම්වලට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෙනත් කාර්ය සාධන දර්ශක මත පදනම් වෙච්ච කරුණු සලකා බැලීමට ඔබතුමේලා අපේක්ෂා කරනවද? විශේෂයෙන්ම විදුහල්පතිවරයෙක් සතුවිය යුතු... (ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නය අවසන් කරන්න.) මූලික කාරණා වෙනවා ඔය මානව සම්පත් කළමනාකරණය, ඒ වගේම තමයි ඒ විදුහල්පතිවරයා විදුහල්පතිවරයා විදියට කටයුතු කිරීමේදී ඒ පාසල සංවර්ධනයට ගෙන ගිය ස්වභාවය සහ ඒ ඉතිහාසය පිළිබඳ කරුණු ඇතුළු කාර්ය සාධන දර්ශක ඔබතුමියලා සලකා බැලීමට අපේක්ෂා කරනවද කියන කාරණාව...

එම ප්‍රශ්නයට අග්‍රාමාත්‍යවරිය පිළිතුරු ලබාදුන්නේ මෙලෙසයි.
විදියට සිද්ධ වෙලා නැහැ. ඒ නිසාම තමයි අපි මේ වෙලාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙත් එක්කත් කතා කරමින් මේක පිළිවෙලක් කිරීම සහ විධිමත් කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය අධ්‍යාපනයේ කරන ප්‍රතිසංස්කරණ තුළ මානව සම්පත් කළමනාකරණය කියන ඒ කුලුණ යටතේ දැනට පවතින ක්‍රමය සමාලෝචනය කරලා ඒ සියලුම සර්කියුලර්ස්, සියල්ලම සමාලෝචනය කරලා කමිටුවක් හරහා මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා කිව්ව විදියට අර පේපර් කොලිෆිකේෂන්ස්වලට එහා ගිහිල්ලා, විශේෂයෙන් විදුහල්පතිවරු පත් කිරීමේදී වෙනත් කරුණු බැලිය යුතුයි කියන එක අපිත් එකඟ වෙනවා. ඒක විධිමත් කිරීම සඳහා දැනට පවතින ක්‍රමය අධ්‍යයනය කරලා, සමාලෝචනය කරලා රාජ්‍ය සේවා කොමිසමත් එක්ක සාකච්ඡා කරලා මේක වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා."

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දැනුවත් කිරීම සඳහා අද දිනයේ දී ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙසට සිදුකළ ආරාධනය සම්බන්ධයෙන් එම සංගමය විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම සංගමය විපක්‍ෂ නායකවරයාට දැනුම් දී ඇත්තේ පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය සහතික කළ හැකි අවස්ථාවක් උදාවෙන තුරු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන කල්දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.