රුපියල් එකොළොස් කෝටි තිස් හය ලක්ෂ හැත්තෑ දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ වරාය තුළ පිහිටි කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් රාජසන්තක කරන ලද සහ ගුවන් මගීන් විසින් අත්හැර දමන ලද ගමන් මලු සහ භාණ්ඩ රදවා තබන ගුදම් ගබඩාව තුළ තිබී
මෙම ගමන් මල්ල 2025 වසරේ ඉකුත් මාර්තු මස ( 03/17) දින උදෑසන 09.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 405 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගියෙකු විසින් රැගෙන විත් , ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් හැර දමා පළා ගොස් තිබූ එකක් වනවා.
පසුව කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මෙම ගමන් මල්ල ගුවන් තොටුපොළ අත් හැර දමා ඇති ගමන් මලු ගබඩාවේ තබා , ඉන්පසුව කොළඹ වරාය තුළ පිහිටි රාජසන්තක කරන ලද සහ අත් හැර දමා ඇති ගුදම වෙත මාරු කර යවා තිබෙනවා.
මාස 09 ක කාළයක් මෙම ගමන් මල්ල භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා , එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් පියවර ගැනීමත් සමග එහි පොලිතීන් ඇසුරුම් තුළ සගවා සකස් කර තිබූ මෙම කිලෝ ග්‍රෑම් 11 යි ග්‍රෑම් 367 ක් බරැති " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.
මෙම මත්ද්‍රව්‍ය මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.





