අතවරයට ලක්වූ බව කියන අනුරාධපුර දැරියගේ අතුරුදන් වූ බව කියූ මව සොයාගෙන තිබෙනවා.

එම කාන්තාව සොයා ගනු ලැබුවේ ඇය පදිංචි ප්‍රදේශයට යාබදව සිටියදී බවයි පොලීසිය පැවසුවේ.

ඇය අතුරුදන් බවට ඊයේ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අදළ මවගේ ඥාතීන් ඊයේ පෙරවරු 9.00 පමණ මැදවච්චිය පොලිසියට එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශණ අනුව එම කාන්තාව සොයාගත් බව පොලීසිය පැවසුවා.

වින්දිත දැරියගේ මව ඉකුත් සිකුරාදා ඇපමත මුදාහැරුනා. ඒ අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග අනුවයි.