දිවයිනේ බොහෝ ප්රදේශවල අදත් පස්වරු එකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව, මධ්යම සහ උතුරුමැද පළාත්වල සහ ත්රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියේජ්ය අධ්යක්ෂ ජීවන් කරුණාරත්න මහතා පැවසුවේ.
"අද දිනයේදී දිවයිනේ බොහෝ ප්රදේශවල සවස 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. විශේෂයෙන්ම මධ්යම, සබරගමුව, උතුරු මැද පළාත්වලත්, ඒ වගේම කුරුණෑගල දිස්ත්රික්කයේ සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන මුහුදු ප්රදේශ ගැන සැලකීමේදී, දිවයින වටාවන මුහුදු ප්රදේශවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. සුළගේ වේගය සාමාන්යයෙන් පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වගේ අගයක තමයි පවතින්නේ, සුළං හමන්නේ නිශ්චිත දිශාවකින් තොරව. සාමාන්ය තත්ත්වය සහ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා මුහුදු ප්රදේශවල ස්භාවය. ඒ වගේම ගොඩබිමේ සහ මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ප්රබල අකුණු ඇතිවීමේ හැකියාව පවතින නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා."
පවතින වැසි තත්ත්වය හමුවේ නිල්වලා ඇතුළු ප්රධාන ගංගා කිහිපයක ජල මට්ටම් සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමණාකරණ අධ්යක්ෂ එල් එස් සූරිය බණ්ඩාර මහතා කරුණු දැක්වූවා.
"නිල්වලා ගංඟාවේ පහළ ප්රදේශවල මේ වන විටත් සුළු ගංවතුර තත්ත්වය, විශේෂයෙන්ම මාතරට ආසන්න ප්රදේශවල සුළු ගංවතුර මට්ටමකට ආසන්න ජල මට්ටමක් පවතිනවා. විශේෂයෙන්ම තල්ගාහගොඩ මැනුම් මධ්යස්ථානයේ මාපාංක විදියට ගත්තම. ඒ වගේම ගිං ගංඟාවේ පහළ ප්රදේශවලත් සැලකිය යුතු ඉහළ මට්ටමක ජල මට්ටම් පවතිනවා. කෙසේ නමුත් තවදුරටත් ජල මට්ටම් වැඩිවීමේ හැකියාව තිබ්බත් මහ ගංවතුර තත්ත්වයක් දක්වා විශාල වැඩිවීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම කළු ගඟ සහ කැලණි ගඟේ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ අගයක, විශේෂයෙන්ම කළු ගඟේ කුඩා ගඟ, මිල්ලකන්ද මේ වන විටත් ඉතාම සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව පවතිනවා. ඒ නිසා බුලත්සිංහල, පාලින්දනුවර වැනි ප්රදේශවල ඇතැම් පහත්බිම් මේ වන විටත් යටවී තිබීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊයේ දිනයේ ලැබුණු වර්ෂාපතනයන් අනුව සාමාන්ය වැඩිවීමක් පෙන්නුම් කරත් කළු ගඟේ තවදුරටත් විශාල වැඩිවීමක් පවතින වර්ෂාපතනයන් අනුව සිදුවීමට තියෙන ඉඩකඩ අවමයි. නමුත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව ඒ පිළිබඳව දැනුවත් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම කැලණි ගඟේ සැලකිය යුතු ප්රදේශයකට ඊයේ වර්ෂාපතනයන් සැලකිය යුතු ප්රමාණයක් ලැබුණා. මේ තත්ත්වය යටතේ බොහෝ ස්ථානවල ජල මට්ටම් ඉහළ යාම් පවතිනවත් විශාල වැඩිවීමක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ."
මේ අතර දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04 ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාන් දොරටු 02 ක් අඩි 02 බැගින් සහ වාන් දොරටු 02 ක් අඩියක් බැගින් විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව එම වාන් දොරටුවලින් තත්ත්පරයට ජලය ඝන අඩි 5600 ක් දැදුරුඔයට මුදා හැරෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් දැදුරුඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බවත්, එම නිසා දැදුරුඔය පහළ කොටසේ පදිංචිකරුවන්ට අවදානයෙන් පසුවන ලෙසත් ් කුරුණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙනවා.
මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට කඩිනම් සහන සැලසීම සඳහා ආපදා සහන කණ්ඩායම් 171ක් සූදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. ඉන් කණ්ඩායම් පහක් මධ්යම සහ සබරගමුව පළාත් තුල මේ වනවිටත් ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව පැවසුවේ. ඒ අනුව එම කණ්ඩායම් නාවලපිටිය, ගම්පොළ සහ රත්නපුර ප්රදේශවල ස්ථානගත කර තිබෙනවා.




