Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහු මෙතෙක් පදිංචි වී සිටි නිල නිවසෙන් අද පස්වරුවේ ඉවත්ව යාමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව ඔහු තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ඊයේ දිනයේ සිට බලාත්මක වීම හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබෙනවා. මේ අතර මෙරට චීන තානාපතිවරයා සහ දේශපාලඥයින් පිරිසක් විජේරාම මාවතේ පිහිටි නිවසේදී අද පෙරවරුවේ මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.