දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවාඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර පෙරහැරේදී ද නර්තනයේ යෙදීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ සාකච්ඡාවකදීයී.

එම විශේෂ සාකච්ඡාව මාතර දිසාපති කාර්යාලයේදී පස්වරුවේ පැවැත්වුණා.

ඊට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කර ඇත්තේ හෙට (28) පැවැත්වෙන පෙරහැරට පොලිස් විශේෂ කාර්ය බළකා සහ පොලීසිය ආරක්ෂාව සඳහා අතිරේක
යෙදවීමටයි.