වර්ජනයේ නිරත වූ සිය සංගම් 04ක් එය අවසන් කළේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදුන් නිශ්චිත එකඟතාවක් මත බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා.

කෙසේවෙතත් එම බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ එක් වෘත්තීය සමිතියක් තවදුරටත් වර්ජනයේ නිරත වන බවයි.

සිය ගැටලු පිළිබඳ තවදුරටත් දේශපාලන කෝණයකින් නොබලා තමන් සමග සාකච්ඡා කර විසඳුම් ලබා දෙන ලෙසට ඔහු බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළා.

මේ අතර සෞඛ්‍ය ඉලක්ක ජයගැනීම සඳහා සියලු දෙනාගේ දායකත්වය අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ප්‍රජා සුව දැක්ම සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ කොළඹ පැවති පා ගමනකට එක්වීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.