Sunday, May 11, 2025

General line - 0115112241

හැන්ඩ් ෆ්‍රී කනේ ගසාගෙන රේල් පාරේ ගමන් කළ තරුණයෙකු දුම්රියට බිලිවෙයි 



ජංගම දුරකථනයට සවිකල හැන්ඩ් ෆ්‍රී එකක් කනේ ගසාගෙන රේල් පාරේ ගමන් කළ තරුණයෙකු දුම්රියක ගැටී මියගොස් ඇති බව දකුණු කළුතර පොලිසිය පවසනවා.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉමාත් නැමති 21  හැවිරිදි තරුණයෙකු බව පොලීසිය සඳහන් කර සිටියේ.

මියගොස් ඇති තරුණයා කටුකුරුන්ද දෙස සිට කළුතර දෙසට ගමන් කර ඇති අතර , අලුත්ගම සිට මරදාන බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ ගැටී තිබෙන්නේ.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු කළුතර ශීක්ෂණ රෝහලට  රැගෙන යාමට නියමිතයි.