Sunday, May 4, 2025

General line - 0115112241

පැතුම් එක්දින පිතිකරුවන් 08 දෙනා අතරට



ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලොව හොඳම එක්දින පිතිකරුවන් 08 දෙනා අතරට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවති එක්දින ක්‍රිකට් තරඟාවලියේදී දැක්වූ දක්ෂතා මතයි.

ඒ අනුව එක් ස්ථානයක් ඉදිරියට යමින් පැතුම් නිස්සංක දැන් පසුවන්නේ 08 වන ස්ථානයේයි. 

නවතම එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ද එහිදී ස්ථාන 05කින් ඉදිරියට පැමිණ ඇති අතර දැන් ඔහු පසුවන්නේ 39 වන ස්ථානයේයි.

වැඩිම ස්ථාන සංඛ්‍යාවක් ඉදිරියට පැමිණ ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දුයි.

ඔහු ස්ථාන 20ක් ඉදිරියට පැමිණ දැන් 68 වන ස්ථානයේ පසුවනවා. 

නවක ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ එක්දින පන්දු යවන්නන් අතර ස්ථාන 17ක් ඉදිරියට පැමිණෙමින් 59වන ස්ථානයට පත්ව තිබෙනවා.

කෙසේවෙතත් දිල්ෂාන් මධුෂංක සහ වනිඳු හසරංගගේ ශ්‍රේණිගත කිරීම් ස්ථාන තුනකින් පසුබැස තිබුණා.