Friday, May 2, 2025

General line - 0115112241

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 257කට සීමා වෙයි



සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණඩායමේ පළමු ඉනිම ලකුණු 257කට සීමා වුණා. 

කුසල් මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 85ක්. දිනේෂ් චන්දිමාල් ලකුණු 74කට දැවී ගියා. 

සිය අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයට ක්‍රීඩා කරන දිමුත් කරුණාරත්න රැස් කළ ලකුණු සංඛ්‍යාව 36ක්. 

රමේෂ් මෙන්ඩිස් දැවී ගියේ ලකුණු 28ක් රැස් කර සිටියදීයි. 

පන්දු යැවීමේදී මිචෙල් ස්ටක්, නේතන් ලියෝන්, මැතිව් කුනේමන් කඩුලු 03 බැගින් දවා ගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සංචාරක ඕස්ට්‍රේලියානු  කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 04යි පන්දු 04ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 26ක් රැස් කරගෙන සිටියා.