Wednesday, May 21, 2025

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 154ක්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපරාධ ක්‍රියා සම්බන්ධව මේ වන විට පැමිණිලි 154ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

ඒ අනුව ඊයේ දිනයට අදාළව අපරාධමය පැමිණිලි 05ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 01ක් ලැබී තිබෙනවා.
 

එම සිදුවීම් සම්බන්ධයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්     14 දෙනෙකු සහ ආධාරකරුවන් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, රථ වාහන 11ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේ.