Saturday, May 3, 2025

General line - 0115112241

 පළාත් පාලන ආයතන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මැදියම් රැයෙන් අවසන්



පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම නිවේදනය කරනවා. 

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ කොමිසම ලබා දී ඇති නිර්දේශවලට අනුව සියලු දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් කළ යුතු බවයි. 


නියමිත ලෙස ඡන්දය සලකුණු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළා.


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැෆ්රල් සංවිධානය වෙත 470කට වැඩි පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති බවයි එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ. 

 

මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණවලට සාපේක්‍ෂව මෙවර මැතිවරණයේදී ජනතාවගේ උනන්දුව අඩු වී ඇති බවයි ප්‍රජානත්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා පැවසුවේ.