Sunday, May 4, 2025

General line - 0115112241

ඡන්දය ළං වෙද්දී මැතිවරණ නීති කැඩූ අපේක්‍ෂකයින් 43ක් අත්අඩංගුවට - 05 දෙනෙක් ගෙවුණු පැය 24දී අල්ලයි



මැතිවරණ නීති උල්ලංඝණය කළ සැකකරුවන් 27 දෙනෙකු අද උදෑසන 06න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් 05 දෙනෙකු සහ ආධාරකරුවන් 22කු ඒ අතර වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. 

ඉකුත් පැය 24 තුළ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 08ක් ලැබී ඇති බවද පොලීසිය පැවසුවා. 

මේ අතර පසුගිය මාර්තු මස 03 වනදා සිට අද උදෑසන 06 දක්වා ගතවූ මාස දෙකක කාලසීමාව තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව අපරාධමය පැමිණිලි 109ක් සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 415ක් පොලීසිය වෙත ලැබී තිබෙනවා. 

එම කාලසීමාව තුළ අපේක්‍ෂකයින් 43 දෙනෙකු සහ ආධාරකරුවන් 190 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 41ක්.