Sunday, May 11, 2025

General line - 0115112241

ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය අද පෙරවරුවේ ඇරඹේ



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ස්ථාපිත කර ඇති සියලුම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි, ඡන්ද පත්‍රිකා සහ අවශ්‍ය ලිපි ලේඛන අද දිනයේ ප්‍රවාහනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

මැතිවරණ කොමිෂන් සභාවෙහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ මැතිවරණ රාජකාරි සඳහා යොදවා ඇති සියලුම නිලධාරින්ට නිසි වේලාවට ඡන්දය මධ්‍යස්ථාන වෙත පැමිණෙන මෙන් ඉල්ලා සිටින බවයි. 


නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.