රටම බලා සිටින පළාත් පාලන මැතිවරණයේ උණුසුම අද දවස පුරාම ඔබවෙත ගෙන ඒමට නෙත් නිවුස් කණ්ඩායම මේ වන විටද සූදානමින් පසුවනවා.
සෑම පළාතක්ම ආවරණය වන පරිදි නෙත් නිවුස් කණ්ඩායම මැතිවරණයේ සියලු තොරතුරු ඔබ වෙත සමීප කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
දකුණු පළාතේ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.
දකුණේ මෙන්ම උතුරේද මෙවර මැතිවරණයට ඇත්තේ ඉහළ උනන්දුවක්. මේ, උතුරු පළාතේ මැතිවරණ සූදානම නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය ගෙන එන වාර්තාවක්.
මධ්‍යම පළාතේ පවතින මැතිවරණ සූදානම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එහි රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.
මේ ඌව පළාතේ තත්ත්වය පිළිබඳ වාර්තාවක් ගෙන එන සමන් පාලිත නානායක්කාර.