ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ජය ලැබූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබ පැතුම් එක් කර තිබේ.
සිය ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය ඇල්බනීස්ගේ පාලනය යටතේ දෙරට අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම මහ මැතිවරණයෙන් ලද ජනවරම ඇන්තනී ඇල්බනීස්ගේ නායකත්වය කෙරෙහි ඕස්ට්‍රේලියානු ජනතාවගේ කල්පවත්නා විශ්වාසය පෙන්නුම් කරන බව ද මෝදි එම පණිවිඩයේ සටහන් කර තිබේ.
තවද, පැසිෆික් කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සෞභාග්‍යය සඳහා ඉන්දු - ඔස්ට්‍රේලියානු හවුල් දැක්ම ඉදිරියට ගෙන යාමට තමන් බලාපොරොත්තු වන බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.
ඉකුත් සෙනසුරාදා පැවැති මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පාර්ලිමේන්තුවේ බහුතර බලය සමග ජය ගෙන තිබිණි.
ඒ අනුව ඔහු දෙවන වරටත් ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.