Friday, May 9, 2025

General line - 0115112241

විපක්ෂ නායක මතුකල ප්‍රශ්නයකින් මැති සබය උණුසුම්



පාසල් දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීම වැනි සිද්ධීන්වලදී ඒ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

කොටහේන ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සහ එම දැරිය කොළඹ ප්‍රදේශයේ පාසලක් තුළ ලිංගික අපයෝජනයට ලක්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 දෙක යටතේ යොමුකල ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

එහිදී විපක්ෂ නායකවරයා අදාළ ප්‍රශ්නය යොමු කළේ මෙලෙසයි. 


ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙලස අදහස් දැක්වූවා.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අදාළ සිසුවිය මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට කරුණු වාර්තා නොකිරීම පිළිබඳ අදාළ පාසලේ විදුහල්පතිවරියගෙන් නිදහස කරුණු විමසා ඇති බවයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ද එහිදී අදහස් පළ කළා.


අදාළ කරුණ සම්බන්ධයෙන් සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ද කරුණු දැක්වූවා.


මේ අතර මෙම කරුණ සම්බන්ධයෙන් තවත් මන්ත්‍රීවරුන් දිගින් දිගටම අදහස් පළ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ කථානායකවරයා විසින් ඊට අවස්ථාව ලබා නොදීමත් සමඟ සභාවේ ඇති වුණේ මෙවන් සංවාදයක්.