පසුගිය පළාත් පාලන ආයතන මැතිවරණයේදී ජාතික ජන බලවේගය ජයගත් සියලු ආයතනවල බලය පිහිටු වීමට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා.
ඒ සඳහා වෙනත් පක්ෂවලින් සහ ස්වාධීනව තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන්ගේ සහාය සිය පක්ෂයට හිමිවනු ඇතැයි විශ්වාස කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
නෙත් නිවුස් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීමට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වී තිබෙන එකඟතාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළේ මෙවන් අදහසක්.
මේ අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති වී තිබෙන එකඟතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පළ කළේ මෙවන් අදහසක්.