සිය ඉල්ලීම්වලට ඉදිරි සතිය තුළ බලධාරින්ගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ප්‍රවාහන බලධාරින් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක ද නිරත වුණා.
ඔවුන්ගේ ඉල්ලීම් මොනවාද යන්න සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා කරුණු දැක්වූයේ මෙලෙසයි.