නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරකට ලක්වී එහි ගමන්ගත් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබූවන් 20 දෙනෙකුම කාන්තාවන් වනවා.
කුරුණෑගල ප්‍රදේශයේ පිරිසක් බදුල්ල ප්‍රදේශයේ විනෝද චාරිකාවකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී එම බස් රථය අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පස් කණ්ඩියක ගැටි එම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 54 දෙනෙකු සිට ඇති බවයි නුවරඑළිය පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.