Saturday, May 24, 2025

General line - 0115112241

පාර්ලිමේන්තුවේ නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාවේ අනුමැතිය



පාර්ලිමේන්තුවේ නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. 

ඒ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලයට අදාළව නඩු කටයුතු සහ නීති උපදෙස් ලබා දීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ සඳහා අවශ්‍ය නීතිමය පහසුකම් සැලසීමේ අරමුණින්. 

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලීය උපදේශක කාරක සභාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.