Saturday, May 24, 2025

General line - 0115112241

ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අල්ලස් කොමිසමෙන් නඩු

උදය කුමාර



දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ නමැත්තාට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කළා. 

සිය තනතුර නිති විරෝධී ලෙස යොදා ගනිමින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් එම නඩුව ගොනු කර තිබෙනවා.

හම්බන්තොට කන්සිලිව් 2014 ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කළ සිෆිට් ඉන්ටර්ගේටිව් නමැති ආයතනය වැට් බදු සඳහා ලියාපදිංචි වී නොතිබියදිත් වැට් බදු ලෙස රුපියල් විසි එක් ලක්ෂ අනු එක් දහසක් මුදලක් එම සමාගමට ගෙවීමට බලපෑම් කිරීම තුළින් ඔහු එම වරද සිදු කර ඇති බවටයි අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර ඇත්තේ.