Wednesday, May 28, 2025

General line - 0115112241

කොරෝනා ඉන්දියාවේදී යළි හිස ඔසවයි



ඉන්දියාවෙන් සක්‍රීය කොරෝනා රෝගීන් 1,000කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

ඒ, ලොව පුරා නැවතත් නව කොවිඩ් වෛරසයක් පැතිර යන වාතාවරණයක් තුළයි. 

ඒ අනුව ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

දිල්ලි නුවරින් රෝගීන් 109 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. 

කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවලින් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.