ලොව රටවල් කිහිපයක පැතිර යන නව කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා තෝරාගත් ඇතැම් රෝහල්වල PCR පරීක්ෂණ සිදු කිරිම වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ නව කොවිඩ් - 19 ප්‍රභේදයෙන් ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි තර්ජනය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.
උණ රෝගය සඳහා ප්‍රතිකාර ගැනීමට ඇතුළත් වන හෝ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සම්බන්ධයෙන් වන නිරීක්ෂණ කටයුතු ද ඉහළ දමන ලෙස උපදෙස් දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ.
නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් කිහිපයක පැතිර යමින් තිබෙනවා. ආසන්නතම ඉන්දියාවේ රෝගී 1,000කට වඩා මේ වන විටත් වාර්තා වී ඇති අතර තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 04ක රෝග ව්‍යාප්තිය ද ඉහළ මට්ටමක පවතිනවා.