මෙතෙක් වෙඩිතැබීම් ඇතුලු සංවිධානාත්මක අපරාධ සිදුකර පාලායන සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වහා ස්ථානගතවීමට හැකි පරිදි මෙන්ම සාමය කඩවන ආකාරයේ සිදුවන යම් අපරාධයක් වැලැක්විය හැකි ක්ෂණික ලඟාවීමක්, අවි බලයක් සහිත විශේෂිත සංවිධානත්මක යතුරුපැදි බලඝනයක් රාජකාරි යෙදවීමට පියවරගෙන තිබෙනවා
ඒ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මූලිකත්වයෙන්
එයට තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් සහ මාතර පොලිස් කොට්ඨාසයෙන් එක්කල සංග්‍රාමික යතුරුපැදි 8 ක්, Highway යතුරුපැදි 15 ක් ඇතුලත් අතර නිලධාරීන් 46 ක පමණ ප්‍රමාණයක් අනුයුක්ත වනවා.
ඔවුන්ව දැනුවත් කිරීමේ හමුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර සහ හම්බන්තොට සහ මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා, ගාල්ල සහ ඇල්පිටිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම් මහතා, මාතර පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම් ගිනිගේ මහතා සහ තංගල්ල කොට්ඨාස භාර උපුල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශාලාවේදී සහ විිසිරයෑමේ අව්සථාව මාතර කොටු දොරටුව අභියස පැවැත්වුනි.