ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයක නිරත තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අද දහවල් විරෝධතාවක නිරත වුණා.
ඒ, තැපැල් මූලස්ථානය ඉදිරිපිටදීයි.
කෙසේවෙතත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයක නිරත වුවද තැපෑලේ සෙසු සංගම්වල නියෝජිතයින් රාජකාරි සඳහා වාර්තා කර ඇති බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ.