Saturday, May 31, 2025

General line - 0115112241

පුත්තලම නීතිඥවරියක් රිමාන්ඩ් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඉදිරිපත් කළ නඩුකරය සමථයට පත්වෙයි

උදය කුමාර



අධිකරණයට අපහාස කළේ යැයි සදහන් කරමින් පුත්තලම මහාධිකරණය මගින්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ග  නීතීඥ එස්.ඒ. පී. උදයංගනී මහත්මිය නිදහස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ගොනු කළ රිට් පෙත්සම සමථයට පත්වීමෙන් අනතුරුව එහි විභාගය අභියාචනාධිකරණය හමුවේ අද අවසන් වුණා.

මෙම පෙත්සම වැඩ බලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් කියා සිටියේ  වග උත්තරකරුවන්ගේ එකඟත්වය අනුව අදාල නඩුකරය අවසන් කිරීමට තීරණය කර ඇති බවයි

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උපදේශක නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත
 පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා තමන් නීතිඥවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි බවත් දැනට පෙත්සම්කාරිය  අභියාචනාධිකරණ මගින් නිදහස් කර ඇති බැවින් නඩුකරය අවසන් කිරීමට එකගතාවය පළකරන බවයි.

ඒ අනුව නඩු නඩුකරය අවසන් කිරීමට අධිකරණය තීරණය කෙරුණා.