Saturday, May 31, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය සිද්ධියේ බෝට්ටු හිමිකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

උදය කුමාර



ඉකුත්දා දකුණු මුහුදු තීරයේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 774 කට අධික ප්‍රමාණයක්  අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධියේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බව කියන බෝට්ටු හිමිකරු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට  ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබා දුන්නා. 

ඒ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සමන් කුමාර නමැති සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළ  අවස්ථාවේදී.

මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරු පොලිසිය භාරයේ රඳවා ගැන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරියේ අදාළ සැකකරු ලබන 03 වනදා දක්වා පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 11 දෙනෙකු ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් වරිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබුණා