සෙල්ල කතරගම අක්කර විස්ස වැව මාර්ගයේදී ධාවනය වූ මෝටර් රථයක් ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සිය පවුලේ සාමාජිකයන් සමග කිරිවෙහෙර වැඳපුදා ගැනීමට පැමිණෙමින් සිටියදී එම මෝටර් රථය ගිනිගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෝටර් රථයේ හටගත් කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
අදාළ මෝටර් රථය ගිනි ගැනීමත් සමග එහි සිටි පිරිස ඉන් පිටතට පැමිණ තිබෙනවා.