Sunday, June 1, 2025

General line - 0115112241

රට පුරා විදුලිය බිඳවැටීම් 29,000 පනී



අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට පුරා විදුලිය බිඳවැටීම් 29,015ක් වාර්තා වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවා. 

කිසියම් ප්‍රදේශයක විදුලි බිඳවැටීම් ඇත්නම් 1987 යන කෙටි දුරකතන අංකය වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලය විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ. 

මේ අතර තවදුරටත් වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. 

මේ, ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳ කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා.


දිවයින වටා වන මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු කරුණු දැක්වුවා.