Sunday, June 1, 2025

General line - 0115112241

ඉන්දියාව පරාජය කළ නොහැකියි - මෝදි කියයි



පකිස්තානය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චෝදනා කරයි.

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ ඉන්දියාවේ සින්දූර් මෙහෙයුමෙන් පසුව මියගිය ත්‍රස්තවාදීන්ට පාකිස්තානයේ රාජ්‍ය ගෞරව පිරිනැමූ බවයි.

පාකිස්ථානු ධජය ඔවුන්ගේ මිනී පෙට්ටිවල තබා තිබූ බවත්, පකිස්ථාන හමුදා නිලධාරීන් ඔවුන්ට ආචාර කළ බවත් ඔහු තරයේ කියා සිටියේය. 

ත්‍රස්තවාදීන් තවදුරටත් ප්‍රොක්සි යුද්ධ නොවන බව ද අගමැති මෝදි වැඩිදුරටත් අවධාරණය කළේය.

"මැයි 6 වෙනිදායින් පසු ඝාතනයට ලක්වූවන්ට පකිස්ථානයේදී රාජ්‍ය ගෞරව පිරිනැමූ නිසා මෙය ප්‍රොක්සි යුද්ධයක් ලෙස හැඳින්විය නොහැකියි. ඔවුන්ගේ මිනී පෙට්ටිවල පකිස්තාන කොඩි ඔසවමින් ඔවුන්ගේ හමුදාව ඔවුන්ට ආචාර කළා. මෙම ත්‍රස්තවාදී ක්‍රියා හුදු ප්‍රොක්සි යුද්ධයක් නොවන බව මෙයින් ඔප්පු වනවා. මෙය ඔවුන්ගේ පැත්තෙන් හිතාමතා කරන ලද යුද උපක්‍රමයක්. ඔවුන් යුද්ධයේ යෙදෙන්නේ නම්, එවිට ප්‍රතිචාරය ඒ අනුව වනු ඇත'' යනුවෙන් අගමැති මෝදි පැවසීය.

ගුජරාටයේ පැවැති උත්සවයකට එක්වෙමින් මේ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඉන්දියාව යුද්ධයෙන් පරාජය කළ නොහැකි බවයි. 

ඒ හේතුවෙන් පකිස්තානය ප්‍රොක්සි යුද්ධයක් ආරම්භ කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. 

ත්‍රස්තවාදීන් ඉන්දියාවට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පුරවැසියන් සෑම ප්‍රහාරයක්ම ඉවසා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

"පාකිස්තානය සමඟ යුද්ධයක අවශ්‍යතාවය මතු වූ විට, ඉන්දියාවේ හමුදා බලය පාකිස්තානය තුන් වරක්ම පරාජය කළා. යුද්ධයකින් ඉන්දියාව පරාජය කළ නොහැකි බව පාකිස්තානය තේරුම් ගත්තා. ඔවුන් ඉන්දියාවට එරෙහිව ප්‍රොක්සි යුද්ධයක් ආරම්භ කළා. ඔවුන්ට අවස්ථාවක් ලැබුණු සෑම තැනකම ඔවුන් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා, අපි එය ඉවසා සිටියා", අගමැති මෝදි පැවසීය.