වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයක සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.
ලද තොරතුරක් මත මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර නැමති එම සැකකරු අත්අඩංගුවට ගැනීමට සඳහා පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එහිදී සැකකරු විසින් පොලිස් නිලධාරින්ට තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
එම අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරියෙකු විසින් සැකකරුගේ දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
එහිදී තුවාල ලැබු සැකකරු පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන රෝහල්ගත කර තිබෙනවා.