පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති පත් කර ගැනීම සඳහා සම්බන්ධ විය හැක්කේ ගැසට් නිවේදනයේ නම් සඳහන් සභිකයින්ට පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
තෝරා ගන්නා ලද සභිකයන්ගේ නම් අදාළ පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් විසින් තේරීම්භාර නිලධාරීන්ට අද මධ්‍යම රාත්‍රී 12ට පෙර ලබාදීමට කටයුතු කළ යුතු බවයි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ.