ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
එම රෝග දෙකෙහිම රෝග ලක්ෂණ මුල් අවස්ථාවේදී සමාන බවයි අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ.
එම රෝගීන් සඳහා සිදු කරන ප්‍රතිකාර සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු දැක්වුවා.
මේ අතර මෙම වසරේ ඩෙංගු රෝගීන් 23,300කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අනෝජා ධිරසිංහ මහත්මිය පැවසුවා.