Monday, June 2, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව තවත් සැකකරුවන් 467 දෙනෙකු අත්අඩංගුවට



දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව ඊයේ දිනය වන විට සැකකරුවන් 467 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. 

ඒ දිවයින පුරා සිදුකළ වැටලීම් 467කට අදාළවයි. 

මෙම වැටලීම්වලදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, ගංජා පැළ සහ මත්පෙති සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ. 

ඒ අනුව හෙරොයින් ග්‍රෑම් 195ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 257ක්, ගංජා කිලෝ ග්‍රෑම් දෙකක්, ගංජා පැළ 17,388ක් සහ මත්පෙති 295ක් සිය භාරයට ගැනීමටයි පොලීසිය කටයුතු කර ඇත්තේ. 

සැකකරුවන් වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.