යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ පුළුල් විද්වත් කථිකාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේදී පවත්වා තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.

එම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුලු විශ්වවිද්‍යාලයී‍ය අචාර්යවරුන්ගේ සංගමගේ සභාපති මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, ගුරු වෘත්තිය සමිති, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුලු පුළුල් ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වූ බවයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.