Published
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් කප්පම් මුදල් ඉල්ලා තර්ජනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් උණවටුන ප්‍රදේශයේදී එලෙස දුරකතන ඇමතුම් ලබාදෙමින් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බවයි පොලීිසිය පැවසුවේ.
ඒ පිළිබද ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් උණවටුන ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.




