හලාවත - බංගදෙණිය, පල්ලම පාර ප්රදේශයේ නිවසක ගෙහිමියන් රාත්රී කාලයේ නිදා සිටියදී නිවසට ඇතුළු වූ අයෙකු රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදල් සහ රන් ආභරණ සොරකම් කර පලා ගොස් තිබෙනවා.
සැමියා එක් කාමරයකත්, බිරිඳ සහ දියණිය තවත් කාමරයකත් නිදා සිට තිබෙනවා.
සුදු පැහැති කොලරයක් සහිත ඇඳුමක් හැඳ සිටි පුද්ගලයෙකු කාමරය තුළ සිටිනු දුටු දියණිය දැඩි ලෙස බියට පත්ව ඇති අතර, ඇය නිහඬවම ඒ පිළිබඳව සිය ජංගම දුරකථනය ඔස්සේ කෙටි පණිවිඩයක් මගින් තම පෙම්වතාට දැනුම් දී තිබෙනවා.
වහාම ක්රියාත්මක වූ පෙම්වතා දියණියගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දී මේ බව දැනුම් දීමත් සමඟ නිවැසියන් අවදි වී පරීක්ෂා කර බලා ඇති බවයි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ.
එහිදී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 03ක මුදලක් සහ රුපියල් 8,70,000ක් පමණ වටිනා රන් ආභරණ සොරාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
නිවසේ මුළුතැන්ගෙයි ඇති ආවරණයක් හෝ අගුළු නොමැති ජනේලයකින් සැකකරු නිවසට ඇතුළු වී ඇති බවට සැක කෙරෙනවා.
අවට ගොඩනැගිලිවල සවිකර ඇති ආරක්ෂිත කැමරා (CCTV) දත්ත උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවයි හලාවත පොලීසිය පැවසුවේ.




