Published
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ ඌව පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලි මීටර් 100ක පමණ තද වැසි ඇති විය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.




