විදෙස් ගතව සිටින අපරාධකරුවන් තවත් පිරිසක් ළගදීම මෙරටට රැගෙන ඒමට නියමිත බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසනවා.

ඔහු පැවසුවේ මෙම අපරාධකරුවන් සම්බන්ධයෙන් දැනටමත් රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

රට තුල සිදුවන විවිධ අපරාධවලට පොලීසියේ සම්බන්ධයක් ඇත්දැයි පලවන වාර්තා පිළිබදවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා අදහස් පළ කළ ා.