විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” අද ආරම්භ වනවා. එම සමාරම්භක වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන්නේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගණයේදීයි.
වර්තමානයේ රට මුහුණ දී සිටින අවදානම් සහගත තත්ත්වය කෙරෙහි බලපාන මූලිකම සාධකය වශයෙන් විෂ මත්ද්‍රව්‍ය උවදුර හා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම පෙන්වාදිය හැකියි. මෙම විෂ මත්ද්‍රව්‍ය උවඳුරේ ගැඹුර සහ ව්‍යාප්තිය සලකා බලමින් ආරක්ෂක අංශ විසින් අඛණ්ඩව මෙහෙයුම් සිදු කරන අතරතුර එය මුලිනුපුටා දැමීම සඳහා මහජන සහභාගීත්වය සහිත පුළුල් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ඒ අනුවයි.
“රටම එකට ජාතික මෙහෙයුම” ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතා ද නෙත් නිවුස් සිව්වෙනි මානය වැඩසටහනේදී ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.




