සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්සය එක්වීමට අදාළ කිසිදු නිල සාකච්ඡාවක් මේ දක්වා සිදුව නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පැවසුවේ පක්ස දෙකේම අභ්‍යන්තර සාකච්ඡා සිදු කෙරුණද නිල සාකච්ඡාවක් සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.

පක්ෂ දෙකට එක්වීම සම්බන්ධයෙන් ඕනෑම මොහොතක සාකච්ඡා ආරම්භ කළ හැකි වටපිටාවක් ගොඩනැගීම අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ.