ඉදිරි දින කිහිපයේ සවස් භාගයේ ප්‍රබල වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක්ද පවතින බවයි.

දිවයින වටා මුහුදේ කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ අතර උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට අද රාත්‍රියේ ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.