Published
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ හෙට දින කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අල්ලස් කොමිසමට නියම කළා.
නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා මෝසමක් ඉදිරිපත් කරමින් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළා.
එම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වීමට කල් ලබාදෙන ලෙස අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඒ අනුව එම ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට දින කරුණු දක්වන ලෙස මහෙස්ත්රාත්වරයා අල්ලස් කොමිසමට නියම කළා.




