Published
පාකිස්ථානයේ කයිබර් පතුන්ක්වා පළාතේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පාකිස්ථාන හමුදා ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී හමුදා සාමාජිකයන් 11 දෙනෙකු සහ ත්‍රස්ථාවදීන් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලුතිනන් කර්නල්වරයෙකු සහ මේජර්වරයෙකු ද මියගිය පාකිස්ථාන හමුදා සාමාජිකයන් අතර වන බවයි විදෙස් මාධ්‍ය වර්තාවල දැක්වෙන්නේ.
පාකිස්ථාන තලෙයිබාන් හෙවත් තයිහික් - ඊ - තලෙයිබාන් සංවිධානයට එරෙහිව පාකිස්ථාන හමුදාව විසින් එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබෙනවා.
බුද්ධි තොරතුරු මත පාකිස්ථාන හමුදාව විසින් එම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.




